2019 New Syllabus Video – උසස් පෙළ ජීව විද්‍යා නව නිර්දේශය

සස් පෙළ 2019 ජීවවිද්‍යා විෂය නිර්දේශය ද මෙවර මුළුමනින්ම වෙනස් වී ඇත. විෂය නිර්දේශයන්හි මෙම වෙනස්වීම සිදුවන්නේ වසර 15 කට පමණ පසුව වීම ද විශේෂත්වයකි.

පැරණි නිර්දේශයේ ඒකක 13 වෙනුවට අලූත්ම ඒකක 10 කින් යුත් නව විෂය නිර්දේශයක් හදුන්වා දී ඇත. .

ජීව විද්‍යා නව විෂය නිර්දේශයේ ඒකක

1. ජීව විද්‍යාව හැඳින්වීම
2. ජීවයේ රසායනික සහ සෛලීය පදනම
3. පරිණාමය සහ ජීවීන්ගේ විවිධත්වය
4. ශාක රූපාකාරය හා කායික විද්‍යාව
5. සත්ව රූපාකාරය හා කායික විද්‍යාව
6. ප‍්‍රවේණි විද්‍යාව
7. අණුක ප‍්‍රවේණි විද්‍යාව සහ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය
8. පාරිසරික ජීව විද්‍යාව
9. ක්ෂුද්‍රජීව විද්‍යාව
10. ව්‍යවහාරික ජීව විද්‍යාව

භෞතික හා රසායන විද්‍යා විෂයයන් පරමාණු මත පදනම් වී ඇති සේ ම නූතන ජීව විද්‍යාව පදනම් වී ඇත්තේ ජාන මත හෙවත් අණුක ප‍්‍රවේණි විද්‍යාව මතය. පරිණාමය, රෝග සෑදීම, ජාතිය, මෙන්ම ඔබේ චර්යාවන් ද තීරණය වන්නේ ජාන මතය. මෙවර විෂය නිර්දේශය මෙම අණුක ප‍්‍රවේණි විද්‍යාව හා පරිණාමික සංකල්ප මත ගොඩනැගී ඇත. එමෙන්ම ගුරු මාර්ගෝපදේශක සංග‍්‍රහයන් ද මුළුමනින්ම වෙනස් වී ඇති අතර Campbell Biology යන ග‍්‍රන්ථය නිර්දේශිත ග‍්‍රන්ථය ලෙස නිර්දේශයේ දක්වා ඇත.

Questions